11 August 2025

logo

පාකිස්ථාන බලධාරීන්ට සෞදියෙන් අනතුරු ඇඟවීම්



සෞදි අරාබිය විසින් පාකිස්ථානයට අනතුරු අඟවා තිබෙනවා.
 
ඒ ආගමික වන්දනාවට බව පවසමින් සිය රටට පැමිණෙන පාකිස්ථාන යාචකයන් දිනෙන් දින ඉහළ යාම පිළිබඳවයි.

එම තත්ත්වය පාලනය නොකළහොත් එය පාකිස්ථානයේ උම්රා සහ හජ් වන්දනාකරුවන්ට අහිතකර ලෙස බලපානු ඇති බවද සෞදි බලධාරීන් පවසනවා.

පාකිස්ථාන යාචකයින් උම්රා වීසා යටතේ එරටට පැමිණීම වැළැක්වීමට පියවර ගන්නා බවට ද ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)