15 June 2025


පාකිස්ථානයේ කරච්චි ගුවන්තොටුපළ ආසන්නයේ පිපිරීමක්



පාකිස්ථානයේ කරච්චි ජින්නා ජාත්‍යන්තර ගුවන්තොටුපළ ආසන්නයේ විශාල පිපිරීමක් සිදු වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම පිපිරීමෙන් චීන ජාතිකයන් දෙදෙනෙක් මියගොස් ඇති බවයි.

එමෙන්ම ඉන් තවත් පුද්ගලයන් 10 දෙනෙක් තුවාල ලබා තිබෙනවා.
 
පාකිස්ථාන ආරක්ෂක අංශ පවසන්නේ එය ත්‍රස්ත ප්‍රහාරයක් බවයි.

මේ අතර පාකිස්ථානයේ චීන තානාපති කාර්යාලය සඳහන් කළේ  එම ප්‍රහාරය එල්ලකර ඇත්තේ එරට සින්ද් ප්‍රාන්තයේ ක්‍රියාත්මක වන විදුලිබල ව්‍යාපෘතියක සේවය කරන චීන ඉංජිනේරුවන් රැගත් රථ පෙළකට බවයි.

(colombotimes.lk)