25 November 2024


පාකිස්ථානයේ ලාහෝර් නුවර පාසල් සතියක් වැසෙයි



පාකිස්ථානයේ ලාහෝර් නගරයේ වායු දූෂණය හේතුවෙන් පාසල් වසා දැමීමට එරට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ සතියක කාලයක් පාසල් වසා දැමීමට පාකිස්ථානයේ බලධාරීන් පියවර ගෙන ඇති බවයි.

එමෙන්ම කාර්යාල සේවකයන්ගෙන් 50%ක පිරිසකට නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමවේදයක්ද හඳුන්වාදී තිබෙනවා.

පාකිස්ථාන සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අනවශ්‍ය ගමන් බිමන්වලින් වළකින ලෙසයි.

පාසල් සිසුන් සඳහා පසුගිය මාසයේ සිට එළිමහන් ක්‍රියාකාරකම්ද තහනම් කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ පාසල් පැවැත්වෙන වේලාවන්ද සංශෝධනය කර ඇති බවයි.

ලාහෝර් පාකිස්ථානයේ දෙවන විශාලතම නගරය ලෙස සැලකෙන අතර එය ඊයේ (03) දෙවන වරටත් ලොව දූෂිතම වායු සහිත නගර ලැයිස්තුවේ පළමු තැනට පත්ව තිබෙනවා.

(colombotimes.lk)