10 January 2026

logo

පාර්ලිමේන්තුව අදත් රැස් වෙයි



කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව අද (04) රැස්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අද පෙරවරු 9.30 සිට පෙරවරු 10.00 දක්වා  කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කර ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම පෙරවරු 10.00 සිට පස්වරු 5.00 දක්වා ආනයන අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි ද්විත්වයක්, කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත යටතේ රෙගුලාසි, උපායමාර්ගික සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ නියෝග ද්විත්වයක් සහ ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ රීති විවාද කොට සම්මත කිරීමට නියමිතව තිබෙනවා.

(cololmbotimes.lk)