11 August 2025

logo

නේපාලයේ ගුවන් යානයක් කඩා වැටෙයි - 14ක් මරුට



නේපාලයේ කත්මන්ඩු අගනුවර සිට ගුවන්යානයක් ගුවන්ගත වීමේදී කඩා වැටීමෙන් පුද්ගලයින් 14දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන Pokhara වෙත ගමන් කළ Saurya Airlines ගුවන් යානයේ අවම වශයෙන් පුද්ගලයන් 19 දෙනෙකු සිට ඇති බවයි සඳහන් වන්නේ.

යානය ගින්නෙන් සහ දුමෙන් වැසී ඇති බව අන්තර්ජාලයේ පළ කරන ලද වීඩියෝ දර්ශනවල දැක්වෙනවා.

ගුවන් යානයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකු සහ කාර්මික ශිල්පීන් 17 දෙනෙකු නඩත්තු පරීක්ෂණ සඳහා Pokhara වෙත රැගෙන යමින් සිටියදී මෙම අනතුර සිදු වූ බව ගුවන්තොටුපළ ආරක්ෂක ප්‍රධානියා ප්‍රකාශ කළා.

Airplane nepal
(colombotimes.lk)