පාර්ලිමේන්තු මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු හෙට (30) ආරම්භ වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
මැතිවරණ කොමිසම සඳහන් කළේ නොවැම්බර් 01 වනදා සහ 4 යන දිනවලදී ද තැපැල් ඡන්ද සලකුණු කිරීමට අවස්ථාව සලසා දී ඇති බවයි.
එම දිනවල තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වන රාජ්‍ය සේවකයන්ට නොවැම්බර් මස 7 සහ 8 යන දෙදින තුළ ඒ සඳහා අවශ්‍ය පහසුකම් සලසා දී තිබෙන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා.
(colombotimes.lk)