23 November 2024


මුද්‍රණාලාධිපතිනියට ඉදිරියේදී මාධ්‍ය ප්‍රකාශ නිකුත් කිරීම තහනම් වෙයි



මැතිවරණ නීතිය ක්‍රියාත්මක වීම මත තමන්ට ඉදිරි කාලයේදී මාධ්‍ය ප්‍රකාශ නිකුත් කළ නොහැකි බව රජයේ මුද්‍රණාලාධිපතිනි ගංගානි ලියනගේ පවසනවා.

ඇය කියා සිටියේ ඡන්ද පත්‍රිකා මුද්‍රණ කටයුතු මැතිවරණ කොමිසම සමඟ සාකච්ඡාවකින් අනතුරුව ආරම්භ කරන බවයි.

එමෙන්ම මෙවර නිල ඡන්ද පත‍්‍රිකාවේ දිග අවසන් ජනාධිපතිවරණයේ ඡන්ද පත්‍රිකාවට වඩා අගලකින් වැඩිවන බවත් ඡන්ද පත‍්‍රිකා මුද්‍රණයට කාර්ය මණ්ඩලයේ සිටින 1200ක පමණ පිරිසම යොදා ගනු ලබන බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළා.

(colombotimes.lk)