29 January 2026

logo

ත්‍රස්ත නායකයාගේ මරණය ගැන රටවල් රැසකින් ප්‍රතිචාර



හමාස් සංවිධානයේ නායක යෙහ්යා සින්වර්ගේ මරණය සම්බන්ධයෙන් රටවල් රැසක රාජ්‍ය නායකයන් අදහස් පළ කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුට දුරකථන ඇමතුමක් ලබා දී සුබ පැතුම් එක්කර ඇති බවයි.

එමෙන්ම ඉතාලිය, ප්‍රංශය සහ ජර්මනියද හමාස් සංවිධානයේ නායකයා මිය යාම සම්බන්ධයෙන් සතුට පළ කර තිබෙනවා.

ඔවුන් සඳහන් කර ඇත්තේ ඔහුගේ මරණය සැමට අස්වැසිල්ලක් වන බවයි.

ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයකින් දකුණු ගාසා තීරයේ රෆාහි රැඳී සිටී නායකයාද ඊයේ (17) මිය ගොස් තිබුණා. 

(colombotimes.lk)