11 August 2025

logo

රුසියා යුද්ධයට ගිය ශ්‍රී ලාංකිකයන් 05ක් අත්අඩංගුවට



රුසියානු යුද්ධයට ගිය ලාංකික විශ්‍රාමික හමුදා සෙබළුන් 5 දෙනෙක් යුද සිරකරුවන් ලෙස යුක්රේන ආරක්ෂක අංශ භාරයට ගෙන තිබෙනවා.

ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ තුර්කියේ, අන්කාරා නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට යුක්රේන රජය එය නිල වශයෙන් දැනුම් දී ඇති බවයි.

ඔවුන්ව අත්අඩංගුවට ගෙන ඇත්තේ රුසියානු දේශසීමා හරහා යුක්රේනයට ඇතුළු වූ අවස්ථාවේදීයි.

එම පිරිස මුදා ගැනීම සඳහා අවශ්‍ය මූලික සාකච්ඡා මේ වන විට ආරම්භ කර තිබෙන බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළා.   

(colombotimes.lk)