10 January 2026

logo

රාජ්‍ය ආයතන විකිණීම නතර කිරීමට සජිත් සැරසෙයි



වසර 76ක ඉතිහාසය තුළ බලයක් නොමැතිව වැඩක් කළේ සමගි ජන බලවේගය බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඔහු කියා සිටියේ වත්මන් ආණ්ඩුවට ගජමිතුරන්ගේ ණය කපා හැරීමට හැකි වුවත් ගොවි ජනතාවගේ ණය සම්බන්ධයෙන් කතා නොකරන බවයි.

එමෙන්ම රාජ්‍ය ආයතන විකිණීම සිය රජයක් යටතේ සම්පූර්ණයෙන් නතර කරන බවද ඔහු සඳහන් කළා.

වැල්ලවාය ප්‍රදේශයේ ඊයේ (28) පැවති ජන රැළියක් අමතමින් ඔහු මේ බව කියා සිටියා.

(colombotimes.lk)