29 January 2026

logo

සිසිලි මුහුදු තීරයේ නැවක් ගිලෙයි - 06ක් අතුරුදන්



මගීන් 22ක් රැගත් සුඛෝපබෝගී යාත්‍රාවක් ඉතාලියේ සිසිලියානු වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශයේදී අනතුරකට ලක් වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම අනතුරෙන් එක් පුද්ගලයෙක් මිය ගොස් ඇති අතර තවත් පුද්ගලයන් 06 දෙනෙක් අතුරුදන් වී ඇති බවයි.

මුහුදු ප්‍රදේශයේ පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙම අනතුර සිදු වී තිබෙනවා.

මෙම අනතුරෙන් බේරා ගත් 15 දෙනාගෙන් 08 දෙනෙක් රෝහල් ගත කර තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)