17 September 2025

logo
INTERNATIONAL
POLITICAL


ආර්ථිකය සංවර්ධනය කිරීමේ වගකීම භාර ගන්නවා - නාමල්



රටේ ආර්ථිකය සංවර්ධනය කිරීමේ වගකීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ භාර ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසනවා.

ඔහු කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කිසිදිනක රටට අහිතකර දේශපාලන තීන්දුවක් ගෙන නොමැති බවයි.

එමෙන්ම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා රටේ සංවර්ධනය නතර කළ තැනින් රට ඉදිරියට ගෙන යන්නේ කෙසේද යන්න කාරණය තමාට තිබෙන අභියෝගය බවද ඔහු කියා සිටියා.

මාවතගම ප්‍රදේශයේ ඊයේ (27) පස්වරුවේ පැවැති ආසන රැස්වීමට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

(colombotimes.lk)