29 January 2026

logo

පාකිස්ථානයේ මගී බස් රථ ඉලක්ක කර ගනිමින් ත්‍රස්ත ප්‍රහාරයක්



නිරිතදිග පාකිස්ථානයේ මගී බස් රථ ඉලක්ක කර ගනිමින් අද (26) ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ප්‍රහාරයෙන් පුද්ගලයින් 23 දෙනෙක් පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

විපතට පත් පවුල්වලට පූර්ණ සහයෝගය ලබා දෙන ලෙසත් තුවාල ලැබූවන්ට කඩිනම් වෛද්‍ය ආධාර ලබා දෙන ලෙසත් පාකිස්ථාන අගමැති ෂෙබාස් ෂරීෆ් ප්‍රාදේශීය පරිපාලනයට උපදෙස් දී ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.

(colombotimes.lk)