23 November 2024


ජනපතිට සහය දෙන ප්‍රවාහන සංගම්



පුද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ඇතුළු නියෝජිතයන් පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී තිබෙනවා.

ජනාධිපතිවරණයේදී තමන්ගේ සහය ජනපති රනිල් වික්‍රමසිංහට ලබා දෙන බව ඔවුන් එම අවස්ථාවේ පවසා සිටියා.

ඒ අතරම අන්තර් පළාත් බස් හිමියන්ගේ සංගමය, පොදුජන පෙරමුණ බස් සංගමය, බහලුම් ප්‍රවාහන සංගමය, කාර්යාල ප්‍රවාහන සංගමය, සමස්ත ලංකා රියදුරු වෘත්තීය සංගමය, සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ හා හිමිකරුවන්ගේ සංගමය, සමස්ත ලංකා පාසල් බස් රථ හිමියන්ගේ සංගමය, දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය, ජාතික ටැක්සි ත්‍රිරෝද රථ වෘත්තීකයන්ගේ එකමුතුව යන සංගම් වල නියෝජිතයන්ද පවසා සිටියේ ජනපතිවරණයේදී ජනපති රනිල් හට සහය දෙන බවයි.

(colombotimes.lk)