11 August 2025

logo

ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරයට ඉරානය හරස් වෙයි



ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරයට අනවසරයෙන් ඇතුළු වීම පිටුපස ඉරානය සිටින බව ඇමරිකානු බුද්ධි අංශ තහවුරු කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ FBI සහ අනෙකුත් ආයතන එක්ව ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් මේ බව දැනුම් දී ඇති බවයි.

ඉරානය විසින් ඇමරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන කෙරෙහි අසමඟියක් ඇති කිරීම සහ විශ්වාසය බිඳ දැමීමේ අරමුණින් ඇමරිකානු මැතිවරණයට මැදිහත් වී ඇති බව එම වාර්තාවල වැඩිදුරටත් සඳහන්.

(colombotimes.lk)