11 August 2025

logo

ඇමරිකානු රාජ්‍ය ලේකම් ඊශ්‍රායලයේ සංචාරයක



ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් ඊශ්‍රායලයේ සංචාරයක නිරත වී තිබෙනවා.

ඒ ගාසා තීරයේ සටන් විරාමයක් සහ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනිම සම්බන්ධයෙන් සාකච්ඡා කිරිම සඳහා බවයි වාර්තා වන්නේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ගාසා තීරයේ යුද්ධය ආරම්භ වීමෙන් පසුව ඔහු ඊශ්‍රායලයට පැමි‍ණෙන 10වන අවස්ථාව මෙය වන බවයි.
 
ඔහු එහිදී ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතෙන්යාහු ඇතුළු ඊශ්‍රායල නායකයින් හමුවීමට නියමිතව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉන් අනතුරුව රාජ්‍ය ලේකම්වරයා හෙට (20) ඊජිප්තුව බලා පිටත් විමට ද නියමිත බවයි.

ඒ  ඊශ්‍රායලය සහ හමාස් අතර වක්‍ර සටන් විරාමයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායි.

(colombotimes.lk)