11 August 2025

logo

යුක්‍රේන ගුවන් හමුදාපති සේවයෙන් ඉවතට



යුක්‍රේන ජනාධිපති Volodymyr Zelenskyy විසින් එරට ගුවන් හමුදාපති Mykola Oleshchukව සේවයෙන් ඉවත්කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ පසුගියදා ඇමරිකාවෙන් යුක්‍රේනයට ලබාදුන් F -16 ප්‍රහාරක යානයක් කඩා වැටී එරට ප්‍රධාන පෙළේ ගුවන් නියමුවෙක් මියයාම හේතුවෙන් එම තීරණය ගෙන ඇති බවයි.

රුසියාව යුක්‍රේනයට මෑත කාලයේදී එල්ලකළ දරුණුතම ගුවන් ප්‍රහාරයට ප්‍රතිප්‍රහාර එල්ලකරමින් සිටියදී එම යානය කඩා වැටී තිබෙනවා.

 
(colomborimes.lk)