11 August 2025

logo

ඇමරිකාවෙන් තායිවානයට ආධාරයක්



ඇමරිකාවෙන් ඩොලර් මිලියන 567ක ආධාරයක් තායිවානයට ලබා දී තිබෙනවා.

ඒ පසුගිය වසර කිහිපය පුරා චීනය විසින් තායිවානයට එල්ල කළ යුදමය සහ දේශපාලන පීඩනය හමුවේ එරට මිලිටරිය නංවාලීම සඳහා ඇමරිකාව මෙලෙස ආධාරයක් ලබාදීමට තීරණය කර තිබෙන බවයි වාර්තා වන්නේ.

විධිමත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නොමැති වුවද ඇමරිකාව තායිවානයේ වැදගත්ම ජාත්‍යන්තර අධාරකරු සහ ආයුධ සැපයුම්කරු වන බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.    

(colombotimes.lk)