29 January 2026

logo

හසීනා ඇතුලු 45කට වරෙන්තු නිකුත් කරයි



බංගලාදේශයේ හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ පසුගිය ජූලි සහ අගෝස්තු මාසවලදී බංගලාදේශයේ පැවති ශිෂ්‍ය විරෝධතා අතරතුර සිදු කළ බව කියන අපරාධ සම්බන්ධයෙන් ඇයට එරෙහිව එරට ප්‍රාදේශීය අධිකරණයක් මඟින් වරෙන්තුව නිකුත් කර ඇති බවයි.

අවාමි ලීගයේ ප්‍රධාන ලේකම්වරයා මෙන්ම හසීනාගේ දේශපාලන පක්ෂයේ අනෙකුත් ඉහළ නායකයන් ඇතුළු පුද්ගලයින් 45කට ද වරෙන්තු නිකුත් කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඒ අනුව නොවැම්බර් 18 වනදා වන විට ෂෙයික් හසීනා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස විනිසුරු මඩුල්ල නියෝග කර ඇති බවයි.  

(colombotimes.lk)