10 January 2026

logo

යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂකයන් උතුර ගැන කියපු දේ



මෙවර ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා දිවයිනට පැමිණ සිටින යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂකයන් උතුරේ සංචාරයක නිරත වී තිබෙනවා.

ඒ අනුව උතුරු පළාතේ විවිධ දේශපාලන රැළි පැවැත්වෙන ස්ථානවලට ගොස් නිරීක්ෂණ කටයුතු සිදු කර තිබෙන බවයි වාර්තා වන්නේ.

එහිදී යුරෝපා මැතිවරණ නිරීක්ෂකයන් සඳහන් කළේ උතුරු පළාත තුළ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සිදු වීම අවම මට්ටමක පවතින බවයි.

(colombotimes.lk)