29 January 2026

logo

යාගි සුළි කුණාටුව වියට්නාමය කළඹයි



යාගි සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් උතුරු වියට්නායේ පාලමක් කඩා වැටී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එහිදී මෝටර් රථ 10ක් සහ යතුරු පැදි 02ක් රතු ගංගාවට වැටී තිබෙන බවයි.

එම සිදුවීමෙන් පුද්ගලයන් 13 දෙනෙක් අතුරුදන් වී තිබෙනවා.

මේ වන විට සුළි කුණාටුව හේතුවෙන් දහස් ගණනක් අවතැන් වී සිටින අතර මිලියන 1.5ක පුද්ගලයන් හට විදුලිය නොමැතිව පීඩාවට පත්ව සිටින බවයි වාර්තා වන්නේ.

එමෙන්ම වෙරළ ආශ්‍රිත අනතුරු ප්‍රදේශවල ජීවත් වන පුද්ගලයන් 50,000ක් ද ආරක්‍ෂිත ස්ථාන කරා යොමු කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.    

(colombotimes.lk)