29 January 2026

logo

පෙනවලින් වැසී ගිය යමුනා ගඟ



ගංගා නම් ගඟේ දෙවන විශාලතම අතු ගංගාව වන දිල්ලි නගරය හරහා ගලා බසින යමුනා ගංගාව සුදු පැහැති පෙන තට්ටුවකින් වැසි ගොස් තිබෙනවා.

මෙම පෙණ මතුවීමට හේතුව ඇමෝනියා සහ පොස්පේට් විශාල වශයෙන් යමුනා ගංගාවට එක්වීම බවයි පරිසර වේදීන් සඳහන් කරන්නේ.

මේ තත්වය නිසා නගරයේ කොටසකට ජල සැපයුම අඩාල වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

යමුනා ගඟ පිරිසිදු කිරීමට ඉන්දීය නිලධාරීන් දිගු කලක් තිස්සේ උත්සාහ කළත් එය සාර්ථක වී නොමැති බවත්, විෂ සහිත පෙණ ඇති වීම වාර්ෂික සිදුවන දෙයක් බවට පත්ව ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.

colombotimes.lk