15 June 2025


හිටපු බංගලාදේශ අගමැතිනිගෙන් ඇමරිකාවට චෝදනාවක්



තමා බලයෙන් පහ කිරීමේ කුමන්ත්‍රණය පිටුපස ඇමරිකාව සිටින බව විරෝධතා හමුවේ ධූරයෙන් ඉල්ලා අස්වූ බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ශෙයික් හසීනා පවසනවා.

ඇය සඳහන් කළේ බෙංගාල බොක්ක ආශ්‍රිත ප්‍රදේශයේ බලය තහවුරු කරගැනීම සඳහා ශාන්ත මාර්ටින් දූපත් ප්‍රදේශයේ ස්වෛරීත්වය අමෙරිකාවට ලබාදුන්නේ නම් තමන්ට තවදුරටත් ධූරයේ රැදී සිටීමට හැකියාව තිබූ බවයි.

සිය ධූරයෙන් ඉවත්වී ඉන්දියාවට යාමෙන් පසු පළමුවරට ඇය නිකුත් කළ නිවේදනයේ මේ බව සඳහන්.

(colombotimes.lk)