14 September 2025

logo
INTERNATIONAL
POLITICAL


අත්තනගලු ඔයේ ජල මට්ටම තවදුරටත් ඉහළට - අවදානයෙන් පසුවන ලෙසට දැනුම්දීමක්



අත්තනගලු ඔයේ ජල මට්ටම තවදුරටත් ඉහළ මට්ටමේ පවතින බැවින් අවදානයෙන් කටයුතු කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම්දෙනවා.

ඒ අනුව අත්තනගලු ඔය ආශ්‍රිතව නිකුත් කර ඇති ගංවතුර අනතුරු ඇඟවීම තවත් පැය 24 කින් දීර්ඝ කර තිබෙන බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.
 
මේ අතර එහි ජල විද්‍යා අංශයේ අධ්‍යක්ෂ එස්.පී.සී සුගීෂ්වර මහතා සඳහන් කළේ, නිල්වලා ගඟේ පහළ ප්‍රදේශ සුළු ගංවතුර මට්ටමේ පවතින බවයි.
(colombotimes.lk)