10 January 2026

logo

ඉල්ලියාස් වෙනුවෙන් වෙනත් ආදේශකයෙක්ව ඉදිරිපත් කිරීමට අවස්ථාව



ස්වාධීන ජනාධිපති අපේක්ෂක අභාවප්‍රාප්ත අයිදුරුස් මුහම්මද් ඉල්ලියාස් වෙනුවෙන් වෙනත් ආදේශකයෙක්ව ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කිරීමට අවස්ථාව ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

අයිදුරුස් මුහම්මද් ඉල්ලියාස් මිය ගිය බවට මරණ සහතිකයක් ඉදිරිපත් කළ යුතු බවත්, අනතුරුව ඉල්ලියාස් වෙනුවෙන් නාමයෝජනා පත්‍රයට අත්සන් කළ පුද්ගලයාට වෙනත් ආදේශකයෙක් නම් කිරීමට හැකි බවත් එම කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක සඳහන් කළා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ ඡන්ද පත්‍රිකාවේ අයිදුරුස් මුහම්මද් ඉල්ලියාස්ගේ ඡන්ද සලකුණු සහ නම මුද්‍රණය කර ඇති බැවින් එය වෙනස් කළ නොහැකි බවයි.

(colombotimes.lk)