10 November 2025

logo
INTERNATIONAL
POLITICAL


මාලිමාවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්



ජාතික ජන බලවේගය ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක සුළු අසනීප තත්ත්වයක් මත පෞද්ගලික රෝහලක  ප්‍රතිකාර ලබා ගෙන තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත තොරතුරු හෙළි කිරීමට එරෙහිව රෝහලට විරුද්ධව නීතිමය පියවර ගන්නා බවට එම පක්ෂයේ නීති උපදේශක නීතීඥ සුනිල් වටගලගේ අත්සනින් යුත් ලිපියක් යවා ඇති බවට සමාජ මාධ්‍යවල ව්‍යාජ ලේඛනයක් පළකර තිබෙන බව එම පක්ෂය පවසනවා.

ඒ සම්බන්ධව අද (12) එම පක්ෂයේ නීතීඥවරු පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කරන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)