10 January 2026

logo

රට ගොඩනඟන වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යා යුතුයි - රනිල්



තවත් වසර 20කින් මීට වඩා හොඳ රටක ජීවත්විය හැකි බවට වූ විශ්වාසය මෙරට තරුණ පරපුරට ලබාදිය යුතු බව ස්වාධීන ජනාධිපති ධූර අපේක්ෂක වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඔහු කියා සිටියේ මෙරට කඩා වැටුණු ආර්ථිකය යළි ඔසවා තැබූ තමා සියලුදෙනාට ජීවත්විය හැකි රටක් පසුගිය වසර දෙක තුළ නිර්මාණය කර දුන් බවයි.

එමෙන්ම දරුවන්ගේ සහ රටේ අනාගතය වෙනුවෙන් රට ගොඩනඟන එම වැඩපිළිවෙළ ආරක්ෂා කර ගනිමින් ඉදිරියට ගෙන යා යුතු බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

ඔහු මේ සඳහන් කළේ අම්පාර ප්‍රදේශයේ ඊයේ (11) පැවති ජන රැලියක් අමතමින්.

(colombotimes.lk)