02 June 2025


ප්‍රධානතම ත්‍රීරෝද රථ සංගම් හතරකගේ සහයත් ජනපතිට



පැවැත්වීමට නියමිත 2024 ජනාධිපතිවරණයේදී මෙරට ප්‍රධානතම ත්‍රිරෝද රථ සංගම් 04ක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හට සහය පළ කිරීමට තීරණය කර තිබෙනවා.

මෙසේ සහය පළ කිරීමට තීරණය කර ඇත්තේ සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතිය, ජාතික Taxi app ත්‍රිරෝද රථ වෘත්තිකයන්ගේ එකමුතුව, එක්සත් මගී ප්‍රවාහන වෘත්තිකයන්ගේ සංගමය, බස්නාහිර පළාත් ත්‍රිරෝද රථ රියදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සමූපකාර සමිතිය යන ප්‍රවාහන සංගම් බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)