22 July 2025

logo

අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කරනවා - අනුර



ජාතික ජන බලවේග රජයක් යටතේ අධිකරණයේ ආධිපත්‍යය සහ නීතිය ඉදිරියේ සමානාත්මතාවය පිළිබඳ සංකල්පය සහතික කිරීමට කැපවී සිටින බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා.

ඔහු කියා සිටියේ ශ්‍රී ලංකාව තුළ අධිකරණ ආධිපත්‍යය සහ නීතිය ඉදිරියේ සමානාත්මතාවය යන සංකල්පය අවදානමකට ලක්ව ඇති බවයි.

ඒ අනුව අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කරන බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

ඒ අද (07) ජාතික ජන බලවේගයේ නීතීඥ සමුළුව අමතමින්.

(colombotimes.lk)