ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම අද (26) පෙරවරු 7.00ට ආරම්භ වුණා.
ඒ ඡන්ද මධ්‍යස්ථාන 48කදීයි.
මෙවර ඡන්ද දායකයන් 55,643 දෙනෙක් ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම සඳහා සුදුසුකම් ලබා තිබෙනවා.
ගාල්ල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී ඩබ්ලිව්. ඒ. ධර්මසිරි සඳහන් කළේ පෙරවරු 10.00 වන විට 25%ක ඡන්ද දායකයන් පිරිසක් ඡන්දය භාවිතා කර තිබෙන බවයි.
ඔහු සඳහන් කළේ ඡන්ද විමසීම පස්වරු 4.00ට අවසන් වූ පසු අදාළ ඡන්ද මධ්‍යස්ථානවලදීම ගණන් කිරීමේ කටයුතු ආරම්භ කරන බවයි.
ඇල්පිටිය ප්‍රදේශයේ ඡන්ද මධ්‍යස්ථානවල මේ වන විට ඉතා සාමකාමී තත්ත්වයක් පවතින බව වාර්තා වනවා.
(colombotimes.lk)