10 January 2026

logo

ඡන්ද පෙට්ටි ගැන මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්



ඉදිරි ජනාධිපතිවරණයේදී ඡන්ද පෙට්ටි ලෙස යොදා ගැනීමට නියමිත කාඩ්බෝඩ් පෙට්ටි මේ වන විට දිවයිනේ සියලුම තේරීම්භාර නිලධාරීන් වෙත යොමු කර අවසන් බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව ලබන 20 වනදා තේරීම්භාර නිලධාරීන් විසින් අදාළ ඡන්ද පෙට්ටි ඡන්ද මධ්‍යස්ථාන සඳහා නිකුත් කිරීමට නියමිතව තිබෙන බවයි වාර්තා වන්නේ.

ඡන්ද පත්‍රිකාව ප්‍රමාණයෙන් විශාල වීම හේතුවෙන් ලී පෙට්ටි වෙනුවට කාඩ්බෝඩ් පෙට්ටි භාවිතා කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

(colombotims.lk)