10 January 2026

logo

නිවෙස් වෙත බෙදා හැරීමට තවත් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 16%ක් ඉතුරුයි



එළඹෙන ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 84%ක් මේ වන විට නිවෙස් වෙත බෙදා අවසන් බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.

මේ අතර ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීමේ කටයුතු හෙට (14) අවසන් වීමට නියමිතව තිබෙනවා.

කෙසේ වෙතත් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු පුද්ගලයන්ට හැඳුනුම්පත සමඟ අදාළ තැපැල් කාර්යාලයට ගොස් සිය අනන්‍යතාවය තහවුරු කර නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව ලබා ගැනීමේ හැකියාව පවතිනවා.

මැතිවරණ දිනය දක්වා ඡන්ද දායකයින්ට එම අවස්ථාව හිමිවන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)