10 January 2026

logo

ආර්ථිකය ගොඩ ගැනීමට හැකි එකම අපේක්ෂකයා රනිල් - සෙන්දිල් තොණ්ඩමන්



රටේ වැටී ඇති ආර්ථිකය ගොඩ ගැනීමට හැකි එකම ජනාධිපති අපේක්ෂකයා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ බව ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් පවසනවා.

ඔහු කියා සිටියේ වතු නිවාස පොකුරු ගම්මාන බවට පත්කර එහි පදිංචිකරුවන් සෑම දෙනෙක්ටම හිමිකම් ඔප්පුවක් ලබා දීමට වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ එකඟතාවය පළ කර ඇති බවයි.

ස්වාධීන ජනාධිපති ධූර අපේක්ෂක වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණය උදෙසා අද (02) බගවන්තලාව ප්‍රදේශයේ වතුකම්කරුවන් දැනුවත් කිරීමේ උත්සවයක් අමතමින් ඔහු මේ බව කියා සිටියා.

(colombotimes.lk)