29 January 2026

logo

උතුරු කොරියානු නායාකයාගේ ඉල්ලීම



උතුරු කොරියානු නායක Kim Jong Un විසින් ඩ්‍රෝනයානවල කෘතීම බුද්ධිය වර්ධනය කර මිනිසුන් රහිත මරාගෙන මැරෙන ඩ්‍රෝනයානා නිපදවන ලෙස පර්යේෂකයන්ගෙන් ඉල්ලා තිබෙනවා.

උතුරු කොරියාවේ ආරක්ෂක විද්‍යා ඇකඩමියේ ඩ්‍රෝන් ආයතනයට ඔහු පැමිණි අවස්ථාවේ එම ඉල්ලීම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එහිදී ඔහු උපදෙස් ලබා දී ඇත්තේ පාබල හමුදාව වෙනුවෙන් සහ දිය යට මරාගෙන මැරෙන ප්‍රහාරක ඩ්‍රෝනයානා වැනි විශේෂ මෙහෙයුම් සඳහා මෙන්ම උපාය මාර්ගික ඔත්තු බැලීමේ සහ බහුකාර්ය ඩ්‍රෝන යාන නිපදවන ලෙසටයි.

(colombotimes.lk)