10 January 2026

logo

ඡන්ද දුෂණයකට ඉඩක් නොමැති බව අනුර කියයි



ජනාධිපතිවරණයේදී ඡන්ද දුෂණයකට කිසිඳු ඉඩක් නොමැති බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා.

ඔහු කියා සිටියේ ඡන්ද දූෂණයක් සිදු කිරීමට නම් රාජ්‍ය නිලධාරීන්ගේ සහය අවශ්‍ය බවයි.

නමුත් මේ වන විට කාර්යාලවල 80% ක් සිටින්නේ ජාතික ජන බලවේගය වටා බවත් එම නිසා ඔවුන් ඡන්ද දූෂණයක් සිදුවීමට ඉඩ නොතබනු ඇති බවත් ඔහු කියා සිටියා.

කන්තලේ ප්‍රදේශයේ අද (28) පැවති ජන රැළියකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

(colombotimes.lk)