17 September 2025

logo
INTERNATIONAL
POLITICAL


පරිසර විනාශය වැළැක්වීමට කටයුතු කරන බව අනුර කියයි



පරිසරවේදීන්ගේ සැලසුම් ආණ්ඩුවේ සැලසුම් බවට පත් කර ගනිමින් පරිසර විනාශය වැළැක්වීමට කටයුතු කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා.

ඔහු කියා සිටියේ පරිසරවේදීන් බලන කෝණය හා දේශපාලකයන් බලන කෝණය අතර වෙනස්කම් පැවතීම හේතුවෙන් පරිසරය ආරක්ෂා කිරීමේදී පරිසරවේදීන්ට මුල් තැන ලබා දෙන බවයි.

ජාතික ජන බලවේගයේ පරිසර ප්‍රතිපත්තිය එළිදැක්වීමේ අවස්ථාවේදී ඔහු මේ බව සඳහන් කළා.

(colombotimes.lk)