11 August 2025

logo

ඉන්දියාවේ වෙඩි හුවමාරුවකින් 06කගේ දිවි තොර වෙයි



ඉන්දියාවේ ජම්මු කාශ්මීරයේදී සන්නද්ධ කණ්ඩායම් කළ වෙඩි තැබි‍මකින් පුද්ගලයන් 06 දෙනෙක් මිය ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ වෛද්‍යවරයෙක් සහ කම්කරුවන් 05 දෙනෙක් ඒ අතර වන බවයි.

ජම්බු කාශ්මීර්හී ගුන්ද් ප්‍රදේශයේ උමං මාර්ගයක ඉදි කිරීම් කරන සේවකයන් නවාතැන් ගෙන සිටි ස්ථානයකට මෙම වෙඩි තැබීම සිදු කර තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ එය ත්‍රස්ත ප්‍රහාරයක් බවට සැක කරන බවයි.

(colombotimes.lk)