10 January 2026

logo

පළාත් සභා සතු බලතල මධ්‍යම ආණ්ඩුවට ගන්නේ නැහැ - සජිත්



සිය රජයක් යටතේ එක් රටක් තුළ උපරිම බලය බෙදීමක් සිදු කරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඔහු කියා සිටියේ පළාත් සභා සතු බලතල මධ්‍යම ආණ්ඩුවට ලබා නොගන්නා බවයි.

එමෙන්ම උතුරු නැගෙනහිර ජනතාව වෙනුවෙන් ජාත්‍යන්තර සමුළුවක් පැවැත්වීම හරහා උතුර නැගෙනහිර ජන ජීවිතය නගාසිටුවීමට කටයුතු කරන බවද ඔහු කියා සිටියා.

යාපනය ප්‍රදේශයේ ඊයේ (15) පැවති ජන රැලියක් අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

(colombotimes.lk)