29 January 2026

logo

කෙන්යාවේ දරුවන් 17කට දිවි අහිමි වෙයි



කෙන්යාවේ ප්‍රාථමික පාසල් නේවාසිකාගාරයක හට ගත් ගින්නකින් සිසුන් 70 දෙනෙක් අතුරුදන් වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ සිසුන් 17 දෙනෙක් ගින්නෙන් මියගොස් ඇති බවයි.

එම නේවාසිකාගාරය තුළ අවුරුදු 9, 12 සහ 13 යන වයස්වල පසුවන පිරිමි ළමුන් සිටී බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එරට පොලීසිය පවසන්නේ මෙම ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි.

(colombotimes.lk)