15 June 2025


සන්නද්ධ කණ්ඩායමක ප්‍රහාරයක් හේතුවෙන් හමුදා සාමාජිකයින් 20ක් මරුට



සන්නද්ධ කණ්ඩායමක් විසින් එල්ල කරන ලද ප්‍රහාර හමුවේ නයිජර් හි හමුදා සාමාජිකයින් 20 දෙනෙකු සහ තවත් සිවිල් වැසියෙකු මියගොස් ඇති බව එරට ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.

ප්‍රහාරයෙන් තවත් 20 දෙනෙකුට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ හේතුවෙන් දින 3ක ජාතික ශෝක කාලයක් ද නයිජර් බලධාරීන් විසින් ප්‍රකාශයට පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

(colombotimes.lk)