29 January 2026

logo

පේරු රාජ්‍යයේ හිටපු ජනපතිට වසර 20ක සිර දඬුවමක්



පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපති 'Alejandro Toledo' හට වසර 20ක සිර දඬුවමක් නියම වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔහු අල්ලස් ලබා ගැනීමේ චෝදනාවලට වරදකරුවෙක්වීම හේතුවෙන් මෙම දඬුවම නියම කර ඇති බවයි.  

පේරු හා බ්‍රසීලය යා කෙරෙන මාර්ගයක් ඉදිකිරීම සඳහා වූ කොන්ත්‍රාත්තුවක් වෙනුවෙන් ඉදිකිරීම් සමාගමකින් ඩොලර් මිලියන 35ක අල්ලස් ලබා ගැනීම ඔහුට එල්ල වූ චෝදනා අතරට ඇතුළත්.

අල්ලස් ලබාගැනීම සහ මුදල් විශුද්ධිකරණය ඇතුළු චෝදනා හේතුවෙන් ඔහුව 2019 වසරේ ඇමරිකාවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

(colombotimes.lk)