17 September 2025

logo
INTERNATIONAL
POLITICAL


ගත වූ පැය 24 තුළ මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් 203ක්



පූර්ව මැතිවරණ කාලසීමාව තුළ ජනාධිපතිවරණයට අදාළව ලැබී තිබෙන මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ඊයේ (13) පස්වරු 4.30 දක්වා ගත වූ පැය 24ක කාලය තුළ මැතිවරණ පැමිණිලි 203ක් ලැබී ඇති බවයි.

එමෙන්ම ජූලි 31 වනදා සිට සැප්තැම්බර් 13 වනදා දක්වා ලැබී ඇති මුළු මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 4031ක් බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනය පහතින්,


(colombotimes.lk)