11 August 2025

logo

ඊශ්‍රායල ප්‍රහාරයකින් 29කට ජීවිත අහිමි වෙයි



ඊශ්‍රායලය විසින් ගාසා තීරයට එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයන් 29දෙනෙක් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ පවතින යුධ තත්ත්වය හමුවේ දහස් ගණනක් පුද්ගලයන් කොටු වී සිටින ජබාලියා ප්‍රදේශයට මෙම ප්‍රහාරය එල්ල කර තිබෙන බවයි.

මේ අතර තුවාල ලැබූ පුද්ගලයන්ගේ තත්ත්වය බරපතළ බවත් ඒ හේතුවෙන් මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.

(colombotimes.lk)