11 August 2025

logo

ඊශ්‍රායල ප්‍රහාරයකින් ගාසාහි 33කට දිවි අහිමි වෙයි



ගාසා තීරයේ ජබාලියා සරණාගත කඳවුරට බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයන් 33 දෙනෙක් මිය ගොස් ඇති අතර තවත් 85 දෙනෙක් තුවාල ලබා ඇති බවයි.

සුන්බුන් අතර පුද්ගලයන් සිරවී සිටින බවට විශ්වාස කරන බැවින් මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කළේ පසුගිය සති දෙක පුරා ජබාලියා සරණාගත කඳවුරේ සිදු කළ වැටලීම්වලින් සටන්කාමීන් බොහෝ පිරිසක් ඝාතනය කළ බවයි. 

(colombotimes.lk)