29 January 2026

logo

පුද්ගලයන් 61කට දිවි අහිමි කළ බිහිසුණු ගුවන් අනතුර



බ්‍රසීලයේ ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයන් 61 දෙනෙක් මිය ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ගුවන්යානය බ්‍රසීලයේ සාඕ පවුලෝ ප්‍රදේශයේදී අනතුරට පත් ව ඇති බවයි.

එම ගුවන්යානයේ සිටි 57 දෙනෙක් සහ කාර්යමණ්ඩල සාමාජිකයන් 04 දෙනෙක් මිය ගිය පිරිසට ඇතුළත්.

මෙම අනතුර හේතුවෙන් බ්‍රසීලයේ සාඕ පවුලෝ ආණ්ඩුකාරවරයා විසින් ප්‍රාන්තයට දින 03ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

(colombotimes.lk)