11 August 2025

logo

ඇමරිකාවේ ප්‍රාන්ත කිහිපයකට සුළි කුණාටු අවදානමක්



ඇමරිකාවේ ප්‍රාන්ත කිහිපයකට දැඩි සුළි කුණාටු අවදානමක් හේතුවෙන් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

මෙම සුළි කුණාටුව හෙලෙන් ලෙස නම් කර ඇති බවයි වාර්තා වන්නේ.

එම සුළි කුණාටුවෙන් බලපෑම් එල්ල වී ඇත්තේ ෆ්ලොරිඩා, ජෝර්ජියා, උතුරු කැරොලිනා, දකුණු කැරොලිනා සහ වර්ජිනියා යන ප්‍රාන්තවලටයි.

එරට කාලගුණ වාර්තා සඳහන් කළේ පැයට කිලෝමීටර 80ක පමණ වේගයකින් ප්‍රථමයෙන් ෆ්ලොරිඩා ප්‍රාන්තයට එම සුළි කුණාටුව ඇතුළු වූ බවයි.

ඒ අනුව හෙට සහ අනිද්දා අදාළ ප්‍රාන්තවල ඇතැම් පාසල්වලට නිවාඩු දිනයක් ලෙසට ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

(colombotimes.lk)