11 August 2025

logo

නේපාලයට නව අගමැතිවරයෙක්



කේ.පී ශර්මා ඔලී නේපාලයේ අගමැතිවරයා ලෙස තේරී පත් වී තිබෙනවා.

ඒ නේපාල අගමැති පුෂ්ප කමල් දහාල් විශ්වාසභංගයකින් පරාජයට පත් වීමත් සමඟ බවයි වාර්තා වන්නේ.

කේ.පී ශර්මා මීට පෙර අවස්ථා දෙකකදී නේපාලයේ අග්‍රාමාත්‍ය ධූරය දරා තිබෙනවා.

නව අගමැතිවරයා පත්වීමත් සමඟ එරට නව අමාත්‍ය මණ්ඩලය අද (15) දිව්රුම්දීමට නියමිතයි.
(colombotimes.lk)