17 September 2025

logo
INTERNATIONAL
POLITICAL


සමගි ජන සන්ධානයෙන් නව කමිටුවක්



2024 මහ මැතිවරණයට සමගි ජන සන්ධානයෙන් නාමයෝජනා සඳහා ඉදිරිපත්වී ඇති පුද්ගලයන් වෙත විවිධ පාර්ශව විසින් මතුකරන විරෝධතා සහ ගැටලු පරීක්ෂා කොට වාර්තා කිරීමට කමිටුවක් පත් කර තිබෙනවා.

අදාළ කමිටුව සමගි ජන බලවේග පක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ උපදෙස්වලට අනුව පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් පත් කර ඇති බවයි වාර්තා වන්නේ.

එම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස ජනාධිපති නීතිඥවරුන් වන ඩිනල් පිලිප්, නලින් දිසානායක සහ එස්. ඩ්. ජයනාථ පත්කර තිබෙනවා.

(colombotimes.lk)