10 January 2026

logo

මනාප අංක නිකුත් කරන දිනය ගැන කොමිසමෙන් දැනුම්දීමක්



මහ මැතිවරණයට අදාළ අපේක්ෂකයන්ගේ මනාප අංක හෙට (16) වන විට නිකුත් කර අවසන් කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
 
එහි ප්‍රකාශකයෙක් සඳහන් කළේ මේ වන විට සියලු දිස්ත්‍රික්කවල මනාප අංක මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී ඇති බවයි.

එම මනාප අංක පරීක්ෂා කිරීමෙන් අනතුරුව කඩිනමින් යළිත් දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත අදාළ ලේඛන ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ ඒ අනුව අද (15) සහ හෙට (16) යන දෙදින තුළ මනාප අංක නිකුත් කිරීමේ කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු වන බවයි.

(colombotimes.lk)