25 November 2024


ගාසා තීරයට සටන් විරාමයක්



ගාසා තීරයේ දරුවන් හට පෝලියෝ එන්නත ලබාදීම සඳහා ඊශ්‍රායලය මානුෂීය සටන් විරාමයකට එකඟ වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

මෙහිදී එන්නත්කරණය සිදු කරන පෙ.ව. 6ත් ප.ව 3ත් අතර කාලයේදී අඛණ්ඩව සටන් විරාමයක් ලබා දීමට ඊශ්‍රායලය එකඟ වී ඇති බවයි වාර්තා වන්නේ.

අනිද්දා සිට ආරම්භ කරන මෙම එන්නත්කරණ කටයුතු ගාසා තීරයේ මධ්‍යම, දකුණු සහ උතුරු කොටසේ අදියර තුනක් යටතේ සිදු කිරීමට නියමිතව තිබෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කළේ එහිදී ගාසා හි ළමයින් 640,000කට පමණ එන්නත් කිරීම සිය ඉලක්කය වන බවයි.

(colombotimes.lk)